ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 06 - 4-වසර සිංහල

ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 06

ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න

(1 )අෂ්ට පා සතෙකු වන්නේ?

  • (1) ඉස්සා ය                   (2) මදුරුවා ය      (3) මකුළුවා ය

 

(2) ආහාර වමාරා කන සත්වයා වන්නේ?

       (1)ගවයා             (2)අලියා            (3)බුරුවා

 

(3)විශේෂ කාලයකදී පමණක් ශබ්ද කරන සත්වයකු වන්නේ?

      (1) කොහා ය                 (2)මොනරා ය          (3)බළලා 

(4) “කේයස්” යන කෙටි නමින් හදුන්වන ලබන පුද්ගලයා කවුද?

    (1) ආනන්ද රාජකරුණා මහතා  (2) සාගර පලන්සුරිය මහතා                               (3)කුමාරතුංග මුනිදාස මහතා

(5) බින්කුන්ඩා ජිවත් වන්නේ?

    (1)පසෙහිය                    (2) ගසක බෙනයක     (3) ජලයේ ය

 

(6) පිළිස්සුම් තුවාල වලට අත් බෙහෙතක් ලෙස යොදා ගන්නේ?

     (1) කරපිංචා              (2) කෝමාරිකා         (3) එළබටුය

 

(7) ආරක්ෂක ආහාරයක් වන්නේ?

     (1) ගොටුකොළ         (2) මිරිස්                  (3) පතෝල

 

(8) ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ඔලිම්පික් පදක්කමක් හිමි කර දුන්නේ කවුද?

     (1) සුසන්තිකා ජයසිංහ   (2) ඩන්කන් වයිට්   (3)ජුලියන් බෝලිං

 

(9) ස්වභාව ධර්මයේ බලපෑමෙන්   සිදුවන අනතුරක් නොවන්නේ?

    (1) ගිනිතැබීම්           (2) නාය යැම්          (3) සුනාමිය

 

(10)මිනිසා හා අශ්ව හිස කැටයම දක්නට ලැබෙන විහාරය වන්නේ?

    (1)මල්වතු මහා විහාරය  (2)ඉසුරුමුණි විහාරය  (3)මාතලේ අළු විහාරය       

 

(11) ශ්‍රී ලංකාව එක්සේසත් කළ රජ කෙනෙකු වන්නේ?

        (1) දුටුගැමුණු රජතුමාය        (2)දේවානම්පියතිස්ස රජතුමා

                                     (3) මුටශිව රජතුමා

(12) ජලයේ ඇති ඔක්සිජන් උරා ගැනීමට මාළුවාට ප්‍රයෝජනවත්  වන්නේ?

      (1) කොරපොතුය       (2) කරමල් ය              (3) වරල්ය

 

(13) ආස්මි ආහාරය කුමන ජන වර්ගයකට අවේනික ආහාරයක්ද?

      (1) මුස්ලිම්                 (2) දෙමළ               (3) සිංහල

 

(14) මීයාගේ ඇගේ වසන මැක්කෙකු නිසා බෝවන රෝගයක් වන්නේ?

      (1) මි උණ                      (2)වසුරිය                 (3) මහාමාරිය

 

(15) ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයක වගා කිරීමට වඩාත්ම සුදුසු බෝගය වන්නේ?

       (1) පොල් ය     ( 2) රබර් ය    (3) තේ ය 

(16) මැණික් ගඟ ගලා යන ආසන්නයේ පිහිටි ආගමික ස්ථානය පිහිටි නගරය වන්නේ?

       (1)කතරගම         (2) කලුතරය    (3) මාතලේ

 

(17) මේදය බහුල ආහාරයක් වන්නේ?

      (1)බතල ය              (2) රට කජුය         (3) කඩල ය

 

(18) ගෝලාකාර නොවන පන්දුවක් භාවිතා කරන ක්‍රීඩාව වන්නේ?

      (1) රගර් ය          (2) පාපන්දු               (3) මේස පන්දු

 

(19) රාජ්‍ය ලංජනයේ ඇති සංකේත ගනන වන්නේ  ?

       (1) 6 කි                       (2) 7 කි                            (3) 8 කි

 

(20) සිය සමෙන් හුස්ම ගැනීම සිදු කරන සත්වයෙකු වන්නේ?

        (1) ගැඩවිලා           (2)ගොළුබෙල්ලා          (3)දළබුවා

 

(21) දේදුන්නේ  ඇති වර්ණ තුනකි.

      (1) සුදු,රතු,දම්            (2)නිල්.කහ,කොළ     (3) කළු ,දම් ,රතු.

 

(22) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදාළ නොවේ?

      (01)ගිනි කදු               (2)සුනාමි.      (3)නාය  යැම්

 

(23) කුප්පමේනිය ආහාරය ට ගැනීමට වැඩියෙන්ම කැමති සතා වන්නේ?

      (1)බළලා                      (2)බල්ලා          (3)කබරගොයා

 

(24) ශ්‍රී ලංකාවේ ඒක දේශික පක්ෂියකි.

      (1) මොණරා                    (2) කොහා    (3) ගුරු කොන්ඩයා

 

(25) කහ පාට හා නිල් පාට මිශ්‍ර කළ විට සැදෙන වර්ණය වන්නේ?

     (1) කොළ පාටය      (2) රතු පාටය   (3) දම් පාටය

 

(26) උණහපුලුවා යන්නට නිවරදි ප්‍රකාශය වන්නේ?

      (1) නිශාචර පාද දෙකක් ඇති සතෙකි (2) නිශාචර බහුපා සතෙකි                      (3) නිශාචර සිව්පා සතෙකි

 

(27) අටමස්ථානයට මේ අතරින් අයත් නොවන්නේ”.

      (1)ශ්‍රී මහා බෝධිය      (2) සිගිරිය   (3) මිරිසවැටිය

(28) රාජ්‍ය ලාංජනය දැකිය හැකි ලේඛනයකි?

      (1)උප්පැන්න සහතිකය    (2)සාමාන්‍ය ලිපි     (3)ආරාධනා පත්‍රයක 

(29) වානේ වලින් සාදා ඇති උපකරණයක් වන්නේ?.

      (1) යකඩ ඉන්න      (2)මයිනහම           (3)මිරිස් ගල

 

(30) අපට නොමිලයේ සේවා සපයන ආයතනයකි.

       (1) බැංකුව            (2) රෝහල      (3)තැපැල් කාර්යාලය

(31)ශ්‍රී ලංකාවේ පිහිට වනාන්තරයක් නොවන්නේ?

       (1)බුන්දල වනාන්තරයයි     (2) වස්ගමුව වනාන්තරයයි

         (3) අමේෂන් වනාන්තරයයි

 

(32) කිතුල් පිටි වලින් සදා ගනු ලබන ආහාරයකි.

      (1) දෝසි                  (2)තලප               (3)දොදොල්

(33) පහත දේවල් අතරින් ඉක්මනින්ම දිය නොවන දෙය කුමක්ද?

      (1)බටර්ය          (2) යෝගට්        (3)ඉටිය

(34) සම්බෝලයක් සැදීමට යොදා නොගන්නා දෙය වන්නේ?

      (1) ගොරකා ය        (2)තක්කාලි ය      (3)කොට්ට පොල්ය

(35) සුර්ය නමස්කාරයේ ඇති සම්පුර්ණ ක්‍රියාකාරකම් ගණන වන්නේ?

      (1) 13 කි                    (2) 12 කි                 (3) 11 කි 

(36) කමත් භාෂාවෙන් “අම්බරුවන්”යනුවෙන් හදුන් වන්නේ?

       (1)ගොයම්             (2)ගෙවිලිය            (3)මි හරකුන්

 

(37) කොලබ මෝදරින් මුහුදට එකතු වන ගංගාව කුමක්ද?

        (1) කැළණිය        (2)වලවේ               (3)කළුය

(38) ගෙවත්තේ කැළි කසළ ගිනි තැබීමට සුදුසු දිශාව වන්නේ?

       (1) නැගෙනහිර දිශාවයි  (2) සුළගට විරුද්ධ දිශාවයි          

                              (3) සුළං හමන දිශාවයි        

(39) ප්‍රෝටීන් සහිත අහාර වන්නේ ?

  (1) දබල ,පරිප්පු ,බිත්තර                     (2) පලා වර්ග               /පලතුරුය           (3)කොස් ,දෙල්ය

(40) ලෝක පරිසර දිනය යෙදී ඇත්තේ?

       (1)මැයි 22 ය          (2)ජුනි 5 ය         (3)ඔක්තෝබර් 6 ය

 

 

 

 

 

පිළිතුරු

 

(1)    මකුළුවා ය                        (2) ගවයා

(3)   කොහා ය                         (4) සාගර පලන්සුරිය මහතා

(5)    පසෙහිය                         (6)   කෝමාරිකා   

(7)    ගොටුකොළ                     (8) ඩන්කන් වයිට්   

 ( 9)   ගිනිතැබීම්                        (10)  ඉසුරුමුණි විහාරය

(11)  දුටුගැමුණු රජතුමාය          (12)  කරමල් ය             

(13)    සිංහල                               (14) මහාමාරිය

 

(15) පොල්ය                                  (16)  කතරගම

   (17)    රට කජුය                           (18) රගර් ය    

(19)    7 කි                                           (20) ගැඩවිලා ය

 (21) නිල්.කහ,කොළ                         (22)  ගිනි කදු

(23) බළලා                                         (24) ගුරු කොන්ඩයා

 (25)  කොළ පාටය                              (26) නිශාචර සිව්පා සතෙකි  

(27)සිගිරිය                                         (28) උප්පැන්න සහතිකය   

(29) ) යකඩ ඉන්න                            (30) රෝහල

(31) අමේෂන් වනාන්තරයයි                ( 32) තලපය         

(33) ඉටිය                                      (34) ගොරකා ය

(35) 13 කි                                     (36) මි හරකුන්ය    

(37) කැළණිය                                  (38)සුළං හමන දිශාවයි      

(39) දබල ,පරිප්පු ,බිත්තර                               

(40) ජුනි 5 ය