අනගාරික ධර්මපාල තුමා - 8-වසර බුද්ධ ධර්මය

අනගාරික ධර්මපාල තුමා

අනගාරික ධර්මපාල තුමාගේ උපත

අනගාරික ධර්මපාල තුමාගේ නිජබිම වුයේ කවදත් සිරිලකට වීරවරයන් දායාද කල දකුණුලක හිත්තැටිය ග්‍රාමයයි.පියා මාතර දොන් කරෝලිස් හේවාවිතාරණය.මව දොන් අන්දිරිස් ධර්ම ගුණවර්ධන මුහන්දිරම් තුමාගේ දියණිය වූ මල්ලිකා ගුණවර්ධන මැතිනියයි.1868 සැප්තැම්බර් 17 වන දින ධර්මපාල තුමා කොලබදී පවුලේ ප්‍රථම දරුවා ලෙස උපත ලද අතර කතෝලික පල්ලිය විසින් එතුමාට එකල තැබූ නම දොන් ඩේවිඩ් හේවාවිතාරණය.කොලබ දෙමටගොඩ බැස්ටිස් පාසලේත්, කොලබ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේත්, කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබිය.ක්‍රිස්තියානි පාසැල් වල අධ්‍යාපනය ලැබූ නිසාම කිතු දහම මැනවින් හදාරා ඒ පිළිබද උසස් දැනුමක් මෙන්ම ත්‍යාගයන් ද හිමි කර ගත් අතර අවසන් වරට අධ්‍යාපනය ලැබුවේ කොලබ රාජකීය විද්‍යාලයෙනි.එදා ඉංග්‍රීසින්ට යටත්ව තිබු අපේ රටේ ඉහත කි එකම විදුහලක්වත් බුදුදහම නොඉගැන්වූ නිසා බුදුදහම, සිංහල හා පාලි භාෂාව ඉගෙනීම සදහා ඩේවිඩ් දරුවා විද්‍යෝදය පිරිවෙණෙහි හික්කඩුවේ සුමංගල නාහිමියන් සහ හෙයියන්තුඩුවේ දේව මිත්ත නාහිමියන් වෙත යොමු විය.මේ නාහිමි වරුන් ඇසුරේ සිංහල, පාලි, බුදුදහම ත්‍රිපිටක ධර්මය හොදින් ප්‍රගුණ කල ඩේවිඩ් හේවාවිතාරණ, මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමියන් ද ලගින් ඇසුරු කළේය.නිවසේ පැවති බෞද්ධ පරිසරයත්, මව සමග පොහෝ දිනවල අටසිල් සමාදන්විමත්, මහා සංඝරත්නයේ සමීප ඇසුරත් නිසා ම ඩේවිඩ් දරුවා අබෞද්ධයෙකු නොවිය.කොටහේනේ දිපදුත්තාරාමයේ වැඩ විසූ මොහොට්ටිවත්තේ හිමිපාණෝ පානදුරා වාදය වැනි වාද විවාද වලින් බෞද්ධ පක්ෂයට ජය අත් කර දුන් බුදුසමය පිලිබදවත්, කිතුසමය පිලිබදවත් හසළ දැනුමක් තිබු දෙස් විදෙස් හි පවා පතළ පඩිවරයෙකි.

1883 පාස්කු දින බෞද්ධයන් හා කිතුනුවන් අතර කොටහේනේදී ඇති වූ අරගලයක ප්‍රතිඵලය වුයේ, ඩේවිඩ් තරුණයාගේ සිත තුල දිවි පුදා හෝ බුදුදහම රැක ගත යුතුය යන චේතනාව පහල විය.කොටහේනේ දීපදුත්තාරාමයට පැමිණෙන බෞද්ධ පෙරහැරක ක්‍රිස්තියානි ආගමට පහර ගැසීමේ අදහසින් කුරුසයට තබා ඇන ගැසු වදුරෙකු ගෙන එන්නේ යැයි අසත්‍ය කට කතාවක් පැතිරීම නිසා කොටහේන පල්ලිය අසලදී කතෝලික පිරිස් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට බෞද්ධ බැතිමතුන්ට මුහුණ පෑමට සිදු විය.මේ ගැටුමේදී පෙරහැරේ රැගෙන ආ අටපිරිකර පන්සියයක් ද, ඒවා රැගෙන ආ ගොන් කරත්ත වලට ද ගිනිතබා ගොනුන්ගේ ඇස් උගුළුවා දැමූ බව ද කියනු ලැබේ.ජුවන් නයිදේ නමැති අහිංසක බෞද්ධයෙකු ද මරුමුවට පත් වූ අතර සිය ගණනක් තුවාල ලැබුහ.මේ අයුක්ති සහගත ක්‍රියාවට විරුද්ධව කොතෙක් පැමිණිලි කලත් එකදු සැකකරුවෙකු හෝ උසාවියට කැදවා සාධාරණය ඉටු කරවා ගැනීමට පුළුවන් කමක් එදා බෞද්ධයන්ට නොතිබුණි.එය එසේ වුයේ ක්‍රිස්තියානි ආගම ඇදහු ඉංග්‍රීසින්ට අපේ රට යටත්ව තිබු අවධියක් වූ හෙයිනි.මේ කෝලාහලයෙන් පසු ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාගේ පාසල් ගමන අවසන් කිරීමට සිය පියා තීරණය කළේය.පියාගේ ඉල්ලීම පිට පාසල් ගමන නතර කල පුතුට එතැන් සිට ඉගෙනීමට සිදු වුයේ ස්වොත්සාහයෙනි.

 

බුදු දහමට සිත යාම හා ඩේවිඩ් නාමය අත් හැරීම

සිංහලයන්ගේත්, මේ රටේත් බුදු දහමේ ද වාසනාව නිසාදෝ පානදුරා වාදය නමැති පොත කියවූ ඇමෙරිකානු ජාතික ඕල්කට් තුමා සහ රුසියානු ජාතික බ්ලට්වස්කි මැතිනිය ලංකාවට 1880 මැයි 17 වන දින පැමිණියහ.ඔවුහු තිසරණ පන්සිලෙහි පිහිටා ප්‍රසිද්ධියේ බුදු දහම වැළද ගත්හ.ඉන්පසු ඔවුහු කොලබ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය ආදී බෞද්ධ පාසල් ආරම්භ කරමින් ද සදරැස නිමින් බෞද්ධ පුවත්පතක් ආරම්භ කිරීමෙන් ද බෞද්ධ කටයුතු ප්‍රචාරණයේ යෙදුනහ.

ඕල්කට් තුමාගේ දේශනා ඇසීමට සොළොස් වන වියේ පසු වුනු ඩේවිඩ් තරුණයට ද අවස්ථාවක් හිමිවිය.එම දේශනා ඇසීමෙන් ඔහු පිළිබද වශී වූ ඩේවිඩ් තරුණයා තමන්ට ලැබුණු රජයේ ලිපිකර තනතුර ද අතහැර දමා ඕල්කට් තුමාගේ තෝල්කයා වශයෙන් කටයුතු කළේය.ඉන්පසු සිංහලයන් කලක්ම ආර්යය සිංහල නම් අත්හැර පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි නම් ගනිමින් ගති සිරිතෙන් ද සංකර වී සිටීම ගැන කලකිරුණු ඩේවිඩ් තරුණයා තමන් මෙතෙක් හැදින්වූ ඩේවිඩ් නම් බයිබල් නාමය අතහැර ධර්මපාල හේවාවිතාරණ යන නම වැළද ගත්තේය.

 

අනගාරික ධර්මපාල තුමාගේ සේවාවන්

1.1891 දී කොළඹදී මහාබෝධි සංගමය පිහිටවා  බුද්ධගයාවේ මහාබෝධි පන්සල බෞද්ධ ආගමිකයින් යටතට ගැනීම නම්කලේය.
2.ධර්මපාල තුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය.

3.ඉන්දියාව තුල විහාර ඉදි කිරිම. නිදසුන් : බුදුරජාණන් වහන්සේ පලමු දම් දෙසූ ස්ථානයේ ඉදිකල සාරානාත් විහාරය

4.පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරඹීම

5.සිංහලයන්ට ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වා දීම

6.අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීමට නොයෙක් රටවල සංචාරය කිරීම.නිදසුන් : ජපානය

7.1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධ ගයාමහා බෝධි සමාගම ඇරඹීම

 

ආර්ථික විද්‍යා පාඩම් ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,

Etisalat නම් REG(space)econ ලෙස type කර 4499 ට SMS කරන්න.

උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
076-6557372 
(කොළඹ/ගම්පහ අවට පමණි)

(විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)